වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස මොහොමඩ් ලෆාර් තාහිර් පත් කෙරේ

වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස මොහොමඩ් ලෆාර් තාහිර් පත් කෙරේ

වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස මෙම අධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතා පත් කර තිබෙනවා

ඒ අනුව ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (02) දිවුරුම් දුන්නා

අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න මහතා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගෙන ඇති අතර, එය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිළිගෙන තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව නව වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයෙකු පත් කරන තෙක් මෙම පත්වීම වලංගු වනු ඇති

Share This