වැඩබලන අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන පාර්ලිමේන්තුවේ උනුසුම් විවාදයක් (VIDEO)

වැඩබලන අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන පාර්ලිමේන්තුවේ උනුසුම් විවාදයක් (VIDEO)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇමරිකාව බලා පිටත්ව යාමත් සමග අද ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පත් කර තිබුණා.

පසුගිය දා ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංගය කතානායකවරයා ප්‍රතික්ෂේප කළේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විශ්වාසභංගක් ඉදි‍රිපත් කළ නොහැකි බව පවසමින්.

මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ විපක්ෂය නායකවරයා මතු කිරීමත් සමග උනුසුම් වාදයක් ඇති වුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ අරුණ ජයසේකර ඇමතිවරයාට විරුද්ධව ආ විශ්වාසභංගය ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු සභාගත කරන ලෙසයි.

අරුණ ජයසේකර ඇමතිවරයා සම්බන්ධයෙන් පුද්ගලික ගැටලු නොමැති බවත් ඔහු වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා බවත් ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් වූ පසු එය ප්‍රතික්ෂේප කිරීමට පදනම් වූ ලේකම් මණ්ඩල වාර්තා සහ නීතිපති වාර්තාව ඇතුළු කරුණු කාරණා සභාගත කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.


Share This