
වැඩිවූ විදුලි බිලට එරෙහි පන්දම් විරෝධය
වැඩි කළ විදුලි බිලට එරෙහිව ඊයේ රාත්‍රියේ පොළොන්නරුව ජයන්තිපුර නගරයේ දී ජන අරගල ව්‍යාපාරය පන්දම් විරෝධතාවයක
ජයන්තිපුර ඔරලෝසු කණුව අසලට රැස්වූ ජන අරගල ව්‍යාපාරයේ සාමාජිකයන් පන්දම් දල්වා විරෝධතාව පළ කළේ පූවරු ප්‍රදර්ශනය කරමින්.
ඔවුන් කියා සිටියේ සියයට තිහකින් විදුලි බිල අඩු කරන බවට පොරොන්දු දී බලයට පැමිණි වත්මන් ආණ්ඩුව සියයට පහළොවකින් විදුලි බිල වැඩි කිරීම නිසා තමන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බවයි.
විරෝධයට එක්වූ ගෘහණියන් පෙන්වා දුන්නේ දරුවන්ගේ ඇඳුම් ටිකවත් හරියට මැද දී පාසලට යැවීමට නොහැකි තත්ත්වයක් මෙම විදුලි බිල වැඩිවීම නිසා උදාවී ඇති බවයි.
විනාඩි 45ක පමණ කාලයක් මෙසේ විරෝධතාවය නියැළී පසුව පිරිස විසිර ගියා.