වැඩිහිටි නිවාසේ 47කට කොවිඩ් -තිදෙනෙක් ජීවිතවලින් සමුගනී
කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් මහනුවර, මහයියාව ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක සිටි පුද්ගලයන් තිදෙනකු මියගොස් තිබෙන බව මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධ්යක්ෂ කාර්යාලය සඳහන් කරනවා
දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබු මේ පුවත පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා
මෙම මරණ අතරින් දෙකක් අගෝස්තු 15දා පස්වරුවේත් අනෙක් මරණය අගෝස්තු 16 දාත් සිදුව තිබෙන බවයි වාර්තා වී තිබෙන්නේ
මෙම මරණ තුනම සිදුව තිබෙන්නේ වැඩිහිටි නිවාසය තුළදීයි .
මෙම මරණ වාර්තා වීමෙන් පසු සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවකදී එහි සිටි වැඩිහිටියන් 47 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බව හෙළිව තිබෙනවා
අදාළ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 63 දෙනකු සිටින බවත් ඔවුන්ටද කොවිඩ් වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් තිබෙන බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරනවා
කොවිඩ් වෛරසයට ගොදුරු වූ වැඩිහිටියන් වැඩි පිරිසක් වෙනත් රෝගවලින් පෙළෙන බවත් ඔවුන් රෝහල් ගත කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බවත් මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධ්යක්ෂ කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා