වැඩි මිලට සහල් අලෙවි කළ ස්ථාන 12ක් වටලයි

වැඩි මිලට සහල් අලෙවි කළ ස්ථාන 12ක් වටලයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වැඩි මිලට සහල් අලෙවි කිරීම් සම්බන්ධ වැටලීම් 12ක් සිදුකර තිබෙනවා.

ඉන් සිද්ධීන් 03ක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පැවරීමක්ද සිදුකර ඇති අතර ඉන් නඩු 02ක් සඳහා රුපියල් ලක්ෂයක සහ ලක්ෂ 05ක දඩ නියම කර ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

එසේම තනි පුද්ගල ව්‍යාපාරයක් විසින් වැඩි මිලට සහල් අලෙවි කළහොත් රුපියල් ලක්ෂ 01ක සිට ලක්ෂ 05ක් දක්වා දඩ මුදලක් හෝ මාස 06ක සිර දඬුවමක් නියම කළ හැකි බවද අධිකාරිය පෙන්වා දෙනවා.

ඇතැම් විට අදාළ දඩ මුදල සහ සිර දඬුවම යන දෙකම අධිකරණය විසින් නියම කිරීමටද ඉඩ පවතිනවා .

පුද්ගලික සමාගමක් විසින් වැඩි මිලට සහල් අලෙවි කළහොත් රුපියල් ලක්ෂ 05ක සිට ලක්ෂ 50 ක් දක්වා දඩ මුදලක් නියම කිරීමට අධිකරණයට හැකියාව පවතින බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩි දුරටත් සඳහන් කළේ.

Share This