වැනීසියේ බස් රථයක් පාලමකින් පෙරළීමෙන් 21ක් මරුට (VIDEO)

වැනීසියේ බස් රථයක් පාලමකින් පෙරළීමෙන් 21ක් මරුට (VIDEO)

ඉතාලියේ වැනීස් නගරය ආසන්නයේ ගුවන් පාලමක් මතින් ගමන් ගත් බස් රථයක් ඉන් පහතට පෙරළී ගිනි ගැනීම නිසා කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු 21 දෙනෙකු මියගොස් ඇති බව බලධාරීහු පවසනවා

ගුවන් පාලම මතින් ගමන් ගත් බස් රථය අසළ තිබූ මාර්ග ආරක්ෂිත බාධකයක්ද බිඳ දමමින් වැනීසියට පාලමකින් සම්බන්ධ වන Mestre දිස්ත්‍රික්කයේ දුම්රිය මාර්ගය අසලටයි ඇද වැටි තිබෙන්නේ

මියගිය අය අතර යුක්‍රේන ජාතිකයින් පස් දෙනෙකු, එක් ජර්මානු ජාතිකයෙකු සහ ඉතාලි රියදුරෙකු සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙම බස් රථය වැනීසියේ Marghera දිස්ත්‍රික්කයේ කඳවුරු භූමියක් කරා සංචාරකයින් රැගෙන යාමට කුලියට ගත් එකක් බවයි සැලකෙන්නේ.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Matteo Piantedosi අනතුරු අඟවා ඇත්තේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සහන සේවකයන් එම ස්ථානයේ තවදුරටත් මෙහෙයුම් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ

අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද සඳහන්

ඉතාලියේ අගමැති ජෝර්ජියා මෙලෝනි මියගිය අයගේ පවුල් වෙත ශෝකය ප්‍රකාශ කර තිබෙනවා

Share This