වැරදි දිසාවෙන් පැදවූ පෞද්ගලික බසයකට යටවී පුද්ගලයකු මිය යයි

වැරදි දිසාවෙන් පැදවූ පෞද්ගලික බසයකට යටවී පුද්ගලයකු මිය යයි

මතුගම පැලවත්තේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකය යටවී පුද්ගලයකු බරපතළ තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාද්දුව පොලිසිය පවසනවා.

අනතුරෙන් මියගොස් ඇත්තේ ඇත්තේ වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මියගොස් ඇති පුද්ගලයා ගාලු පාරේ ගමන් කරමින් සිටියදී වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ දී වැරදි විරුද්ධ මංතීරුවෙන් ධාවනය කල බසයේ ගැටී යටවී තුවාල ලබා තිබෙනවා.

පොලීසිය පැවසුවේ බස් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර රියදුරු අත්අඩංගුවට ගත් බවයි.

Share This