
වැල්ලම්පිටියේ වෙඩි තැබීම වරදී (VIDEO)
වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්රදේශයේ පිහිටි නවාතැන්පොළක සිටි පුද්ගලයෙක් ඉලක්ක කර ගනිමින් අද අලුයම (25) වෙඩි තැබීමක් සිදුවුණා.
ඉන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයෙක් පිස්තෝල වර්ගයේ අවියක් භාවිත කරමින් වෙඩි තැබීම සිදුකර තිබුණා.
උස් ස්ථානයක සිටි වෙඩික්කරු අදාළ පුද්ගලයා ඉලක්ක කර ගනිමින් එක් වෙඩි තැබීමක් සිදුකර ඇති අතර එහිදී වෙඩික්කරු ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ සමඟ ගිනි අවියෙහි පතොරම් ගැබ විසිවී ඇති අතර එහිදී වෙඩික්කරු සමග පැමිණි අනෙක් පුද්ගලයින් දෙදෙනා ද සමඟ පලා ගොස් තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ විමර්ශනවලදී අදාළ ස්ථානයේ තිබී පතොරම් ගැබ සහ හිස් පතොරම් කොපුවක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිව ඇති බවයි.
වෙඩික්කරුවන්ගේ ඉලක්කය බවට පත්ව ඇත්තේ සේදවත්ත, පින්තු නිවාස මාවතේ , පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක් වන අතර වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ඔහු සමඟ කාන්තාවක් සිට ඇති බවට ද වාර්තා වනවා.
වෙඩික්කරුවන්ගේ ඉලක්කය බවට පත් වූ සේදවත්ත ප්රදේශයේ පදිංචි පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් බව කියන වනාතේ දුමින්ද නැමැත්තාගේ සමීපතමයෙක් බවයි වාර්තා වන්නේ.
අදාළ වෙඩි තැබීම වනාතේ දුමින්ද නැමැත්තාගේ ප්රතිවාදියෙකු වූ වනාතේ චතූ නැමැත්තාගේ මෙහෙයවීම මත සිදුකර ඇති බව සඳහන්.