වැල්ලවායේ ඉඩමක් බෙදාගන්න පන්සල සහ පදිංචිකරුවන් අත‍ර උනුසුම් තත්ත්වයක්

වැල්ලවායේ ඉඩමක් බෙදාගන්න පන්සල සහ පදිංචිකරුවන් අත‍ර උනුසුම් තත්ත්වයක්

වැල්ලවාය කිංකිණි රාජමහා විහාරස්ථානය අසල පවත්වාගෙන යනු ලබන පෙර පාසලක් සහිත ඉඩම් කොටසක් පෙර පාසල පවත්වාගෙන යන ගුරුවරිය තමන්ට අයිති බව පවසමින් එම ඉඩම් කොටස භුක්ති විඳීමට එරෙහිව අදාළ විහාරස්ථානයේ දායක සභාව සහ ස්වාමින් වහන්සේ ඇතුළු පිරිසක් විරෝධය පළ කළා.

ගම්වාසීන් පිරිසක් කටයුතු කළේ කෙසේ නමුත් පෙර පාසල පවත්වාගෙන යන ගුරුවරියගේ පාර්ශ්වයේ විරෝධය නොතකා අදාළ ඉඩම සහිත ප්‍රදේශයේ වැටක් සවිකර යළි විහාරස්ථානයට එක් කිරීමටයි.

මෙම සිද්ධියට ප්‍රදේශයේ විහාර වාසී භික්ෂූන් පිරිසක් ඇතුලු ගම්වාසීන් පිරිසක් එක්ව සිටි අතර ඉඩමේ පදිංචිකරුවන් සහ පැමිණ සිටි පිරිස අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා.

Share This