
වැල්ලවායේ ගම්වදින තුවාල වූ වන අලියකුගෙන් ගම්වාසීන්ට පීඩා
වැල්ලවාය , 3 කණුව ගම්මානයට මේ දිනවල කඩා වදින පාදයක තුවාලයක් සහිත වන අලියකු නිසා ගම්වාසීන් පීඩාවට පත්ව සිටිනවා.
මෙම වන අලියා ගමේ නිවාස වලට මෙන්ම භෝග වගාවන්ට ද හානි කරමින් සැරි සැරීම නිසා ජන ජීවිතය ද පත්ව ඇත්තේ අවදානම් තත්ත්වයකටයි.
අප වාර්තාකරු පවසන්නෙ මෙම වන අලියාගෙ ඉදිරිපාදයේ විශාල තුවාලයක් දක්නට ලැබෙන බවයි.
ඊයේ රාත්‍රියේ ද මෙම වන අලියා ගම්මානයට පැමිණ සැරි සරන ආකාරය ගම්වැසියකු සිය ජංගම දුරකතනයේ සටහන් කරගෙන තිබුණා.



