වැල්ලවාය ආනපල්ලම ගමට වන අලියෙක් කඩා වැදී ජරමරයක්

වැල්ලවාය ආනපල්ලම ගමට වන අලියෙක් කඩා වැදී ජරමරයක්

වැල්ලවාය – මොනරාගල මාර්ගයේ ආනපල්ලම ගම්මනයට අද (08) උදෑසන වන අලිඅයකු කඩා වැදුනා.

මෙම වන අලියා ආහාර සොයා ගම්මානයේ නිවාස අසල සැරි සරමින් සිටීම හේතුවෙන් ගම්වාසීන් පසු වූයේ බියකින්.

ප්‍රදේශවාසීන් පවසන්නේ ආරක්ෂිත අලි වැට කඩා දමා ගමට ‍රාත්‍රියේ ඇතුලු වී ඇති මෙම වන අලියා පසුව වනය දෙසට ගිය බවයි.

මෙම වන අලියාගේ පාදයක විශාල තුවාලයක් ද දක්නට ලැබෙන බව ප්‍රදේශවාසීන් පවසා තිබෙනවා.

ආනපල්ලම යනු නිරන්තර අලි – මිනිස් ගැටුම් ගහන ප්‍රදේශයක්.

Share This