
වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් තුළ රීවොල්වරයක්
වැලිකඩ බන්ධනාගාරයේ එල් වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවොල්වරයක් හමුව තිබෙනවා
බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක, ගාමිණී බී දිසානායක මහතා පැවසුවේ බොරැල්ල පොලිසියට කළ දැනුම්දීම අනුව පැමිණි නිලධාරීන් මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි
එමෙන්ම වැලිකඩ බන්ධනාගාරය මගින් ද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා
එම රිවොල්වරය වසර කිහිපයක් පස්වලට යට වි තිබු බවට සැක කරන අතර ඉදිරි විමර්ශන කටයුතු සදහා බොරැල්ල පොලිසිය වෙත භාර දී ඇති බවයි ගාමිණී බී දිසානායක මහතා පැවසුවේ