වැලිකන්දේ වන අලි අදත් නිවසක් කඩා බිඳ දමලා

වැලිකන්දේ වන අලි අදත් නිවසක් කඩා බිඳ දමලා

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලි තෙන්න ගම්මානේ නිවසකට අද (27) අලුයම වන අලියකු පහර දී විනාශ කර තිබෙනවා.

නිවැසියන් පවසන්නේ වන අලියා නිවසේ මුළුතැන් ගේ ප්‍රදේශයෙන්ට පැමිණ බිත්තියට පහරදී කඩා දමා නිවසේ විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ රැසකට හානි සිදුකළ බවයි.

සෝමාවතිය රක්ෂිතයේ සහ මාදුරු ඔය රක්ෂිතවල සිටින වන අලින් මෙසේ නිවෙස් වල ඇති වී ආහාරයට ගැනීමට හුරුව ඇති අතර වී සොයා නිවාසවල බිත්ති පෙරළා දැමීමට වන අලින් පෙළඹී සිටිනවා.

මේ සම්බන්ධව වැලිකන්ද වනජීවි නිලධාරීන්ට සහ වැලිකන්ද ප්‍රාදේශී ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට කොතෙකුත් ගම්වාසීන් දැනුම් දුන්න ද ඔවුන් මෙම ගැටලුවට නිසියාකාරයෙන් විසඳුමක් ෛදිරිපත් නොකරන බවයි ගම්වාසීන් පවසන්නේ.

අද අළුයම වන අලි පහර දුන් නිවසේ ආබාධිත පුද්ගලයෙක් සිටින අතර ඔහුද දිවි බේරාගෙන ඇත්තේ ඉතාමත් අසීරුතාවෙන්.

මේ නිසා ඉතා දුක් මහන්සියෙන් ගොඩනගා ගත් නිවසේ පවා ජීවත්වීමට නොහැකි තත්ත්වයක් ගම්වාසීන්ට උදාවී ඇතත් ඊට නිසි පිළිතුරක් තවමත් බලධාරීන් සතුව නොමැතිවීම කණගාටුවට කරුණක්.

Share This