
වැලිකන්ද රෝහල ඇවිත් වන අලි ගිලන් රථයකටත් පහර දෙයි – රෝහල් කොරොඩෝවල අලි
වන අලි වැලිකන්ද ප්‍රාදේශීය රෝහලේ ගිලන් රථයකට පහරදී රෝහල් පරිශ්‍රයේ සැරිසරති
පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඊයේ (14) රාත්‍රී පැමිණි වන අලින් දෙදෙනෙකු එම රෝහලේ නවතා තිබූ ගිලන් රථයකට පහරදී රෝහල තුල සැරිසැරීම හේතුවෙන් රෝහල් කටයුතු වලට බාධා සිදු වුණා.
ඊයේ රාත්‍රී 10 ත් 11 ත් අතර කාලයේ සෝමාවතිය රක්ෂිතයේ සිට මෙම වන අලි දෙදෙනා වැලිකන්ද රෝහලට පැමිණ ඇති බවත් එලෙස රෝහල පැමිණි වන අලි දෙදෙනාගෙන් එක් වන අලියෙකු වැලිකන්ද රෝහලේ ඇති ගිලන් රථ දෙකෙන් එකකට පහර දී ඊට හානි පමුණුවා ඇති ආකාරයත් දක්නට ලැබුණා.
පසුව එම වන අලින් රෝහල් වාට්ටු වෙත පිවිසීම ඇති කොරිඩෝ ඔස්සේ ගමන් කළේ රෝගීන් සහ රෝහල් කාර්ය මණ්ඩලය ද බියට පත් කරමින්.
වැලිකන්ද නගරයේ පිහිටි මෙම රෝහලට මෙලෙස වන අලි පැමිණිම රෝහලේ කාර්ය මණ්ඩලයේ කටයුතු වලට මෙන්ම වෙද්‍යවරුන්ට ප්‍රතිකාර කිරීමට ද අවදානම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා.
එමෙන්ම හදිසි රෝගියකු රෝහලට රැගෙන ඒම හෝ රෝගියකු වට්ටුවකින් වෙනත් වාට්ටුවකට මරු කිරීම ද මේ තත්ත්වය මත දැඩි අවදානම් සහගතවී තිබෙනවා.
රෝහල් කාර්ය මණ්ඩලය ඉල්ලා සිටින්නේ වන අලි රෝහල් පරිශ්‍රයට හා වැලිකන්ද නගරයට පැමිණීම වලක්වා රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය සේවකයින්ගේ හා රෝගී ජනතාවගේ ජීවිත ආරක්ෂා කර දෙන ලෙසටයි.





