වැලිගම ජා.ජ. බ. යේ පැයැරගත් මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා චෝදනාවලට පිළිතුරු බදී

වැලිගම ජා.ජ. බ. යේ පැයැරගත් මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා චෝදනාවලට පිළිතුරු බදී

වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීම දිනයේදී පැහැර ගැනීමට ලක්වූ බව කියන ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරයා සහ මන්ත්‍රිවරිය එළඹෙන රැස්වීමටද සහභාගී වීම වැළැක්වීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව ජාතික ජන බලවේගය පවසනවා.

අදාළ පැහැර ගැනීමට ලක්වූ දෙදෙනා තමන් මුහුණ පෑ තත්ත්වය පිළිබඳව ඊයේ මාධ්‍ය හමුවේ ප්‍රථමවරට අදහස් පළ කළා.

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය හිමි කර ගැනීමට කිසිදු පක්ෂයකට හැකියාව ලැබුණේ නැහැ.

ඒ අනුව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව තිබුණේ පසුගිය ජුනි මස 27 වැනිදායි.

එදින සභාවේ කටයුතු දකුණු පළාත් කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර එහිදී ජාතික ජනබල වේගයේ මන්ත්‍රීවරු පිරිසක් කියා සිටියේ සභාවාරය සඳහා පැමිණෙමින් සිටි ජාතික ජනබලවෙගයේ මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් ඇති බවයි.

එලෙස පැහැරගෙන ගොස් තිබුණේ ජාතික ජන බලවේගයෙන් වැලිගම ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ අජිත් ප්‍රියන්ත සහ කමනී අල්විස් නමැති මන්ත්‍රීවරු දෙපළයි.

කෙසේ වෙතත් එලෙස පැහැර ගැනීමට ලක් වූ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා එදින සවස ගාල්ල, උණවටුන මුහුදු තීරයේ සිටියදී සොයාගෙන තිබුණා.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට විපක්ෂය නියෝජනය කරන පක්ෂ කිහිපයක් ඇසින් දුටු සාක්ෂියක්ද සමගින් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

Share This