
වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ඝාතන සැලසුම්කරුවන් පැය 48 ක් රඳවාගෙන ප්‍රශන කිරීමට අවසර
වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර (සජබ) මහතාට වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු පැය 48 ක කාලයක් රදවා තබා ගෙන ප්‍රශ්න කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඊයේ (27) වැලිගම මූලස්ථාන පොලීසියට අවසර ලබා දුන්නා.
එසේ පොලීසිය සැක පිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ ගාල්ල අගුළුගහ පදිංචි ත්‍රී රෝද රථ රියදුරෙකු,වැලිගම වලාන ප්‍රදේශයේ ගරාජ් හිමිකරුවෙකු හා අපරාධයට යොදා ගත් යතුරුපැදිය ගෙනවිත් දුන් පොල්අතුමෝදර පදිංචි තරුණයෙක්.
මෙම ඝාතනයට පෙර සහ පසු ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට ප්‍රවාහන පහසුකම් සැපයූ ත්‍රී රෝද රථ රියදුරු වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.
මෙම ඝාතනයට යොදා ගත් යතුරු පැදිය ධාවනයට සුදුසු ආකාරයට අලුත්වැඩියාව කර දුන් වලානේ ගරාජ් හිමිකරු හා එම යතුරු පැදිය ඝාතකයින්ට ගෙනවිත් දුන් පොල්අතුමෝදර තරුණයා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විසින් පෙරේදා (26) සැක පිට අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ අනුව මෙම සැකකරුවන් තිදෙනාගෙන් තව දුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බැවින් ඒ සදහා අවසර ලබා දෙන ලෙසට වැලිගම මූලස්ථාන පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සැකකරුවන් තිදෙනා වැලිගම මූලස්ථාන පොලීසිය වෙත යලි රැගෙන ගියේ අධිකරණ අවසරයට අනුවයි.
