
වැලිගම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු සභිකාවකට මරණ තර්ජන යැයි චෝදනා (VIDEO)
වැලිගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභිකවරියකට සිය නිවස ඉදිපිටට පැමිණි පුද්ගලයෙකු විසින් මරණ තර්ජන එල්ල කර තිබෙනවා.
ඊට අදාළ සී.සී.ටී.වී දර්ශන මාධ්‍ය වෙත නිකුත් කරමින් ඇය ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් තමන්ට යුක්තිය ඉටු කර දෙන ලෙසයි.
වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීම පැවති ඉකුත් 27 වැනිදා මාලිමාවේ මන්ත්‍රිවරයෙකු සහ මන්ත්‍රිවරියක සභාව තුළ නොමැති වීම හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගත්තා.
පසුව එම සභිකයින් දෙදෙනා ගාල්ල උණවටුන මුහුදු තීරයේ සිටියදී නිරුපද්‍රිතව සොයා ගැනුණා.
කෙසේ වෙතත් පොලිසිය සිදුකරනු ලබන මූලික විමර්ශනවලදී ඔවුන් දෙදෙනා පවසා ඇත්තේ තමන් වැලිගම ප්‍රදේශීය සභාව වෙත පැමිණෙමින් සිටි අතරතුර නාදුන්න පිරිසක් විසින් පැහැරගැනීමට ලක්වූ බවයි.
එම සිදුවීමේ උණුසුම පහව යාමටත් පෙර වැලිගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභිකවරියක වන සංජුලා පියදිගම මහත්මියට ඊයේ පස්වරුවේ වැලිගම මිරිස්ස ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවස ඉදිරිපිටට පැමිණි පුද්ගලයෙකු විසින් මරණ තර්ජන එල්ල කර තිබෙනවා.
සිද්ධියට අදාළ සී.සී.ටී.වී දර්ශනද ඇය මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.