වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනයේ ප්‍රධාන සැකකරු මහරගම දී අත්අඩංගුවට

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනයේ ප්‍රධාන සැකකරු මහරගම දී අත්අඩංගුවට

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු මහරගමදී ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පසුගිය 22 වන දා වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නාඳුනන තුවක්කුකරුවකු
විසින් වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධ යෙන් අපරාධ විමර්ශන කොට්ඨාසයේ සැලසුම් සහගත මෙහෙයුමකින් පසුව අනුරාධපුර කොට්ඨාසයේ කැකිරාව පොලිස් කොට්ඨාසයේ නිවාස 50 ප්‍රදේශයේ මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයින් සැඟවී සිටින බවට තොරතුරක් ලැබී ඊට අදාල සැකකරුවන් කිහිප දෙනකු අත් අඩංගුවට ගත් බවයි.

ඒ අනුව එම කොට්ඨාසයේ නිලධාරීන් ,පොලිස් විශේෂ කර්ය බලකා නිලධාරීන් , යුධ හමුදා නිලධාරීන් ගේ ද සහය ඇතිව ඊයේ අළුයම් කාලයේ දී අත් හැර දමන නිවසක් වටලා පරීක්ෂා කර එහිදී සැකකරුවෙක් සහ සැකකාරියක් අත් අඩංගුවට ගත්තා.

සැකකරුවන් අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ එම සැකකරුවන් සමග සිටි තවත් පුද්ගලයින් කිහිප දෙනකු පොලීසිය සමග පොර බදා පළාගොස් තිබුණා.

මෙම සැකකරුවන්ට පහසුකම් සැලසූ තවත් සැකකරුවකු ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා.

මෙම සැකකරුවන් අතර පොලිස් නිලධාරීන් සමග පොරබදන අවස්ථාවේ පළා ගිය සැකකරුවකු වන කොන්තපෙන,බැඳිපිට,අඟුළුගම ප්‍රදේශයේ පදිංචි හක්මන පරන ලියනගේ නුවන් තාරක, යන අය අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ පොලීසිය මහජන සහය ඉල්ලා සිටියේ ඒ අනුවයි.

පසුව මෙම සැකකරු ඊයේ මහරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවා.

සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ලබාගත් දර්ශන කිහිපයක් බවට සැලකෙන වීඩියෝවක් මේවන විට සමාජ මාධ්‍ය තුල සංසරණය වනවා.

Share This