
වැලිගම මාලදිවයින් ජාතිකයකු රැදී සිටි නිවසේ රසායනික ද්‍රව්‍ය රස පරීක්ෂණයට
වැලිගම, වැලිහිඳ සල්මල් උයන ප්‍රදේශයේ නිවසක කුලී පදනමට සිටි මාලදිවයින් ජාතිකයකු අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට ගන්නා රසායනික ද්‍රව්‍ය සමග වැලිගම පොලිසිය මගින් ඊයේ (21) සැකපිට අත්අඩංගුවට ගත්තා.
එම ස්ථානයේ වැලිගම පොලිසිය මගින් සිදු කරන ලද විමර්ශන වලින් පසු රජයේ රස පරික්ෂකවරයාගේ පරික්ෂණ කටයුතු සඳහා එම ස්ථානය සීල් තැබීමෙන් අනතුරුව අද (22) එම ස්ථානය වෙත දකුණු පළාත් භාර ඡ්‍යාෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් පලමුවෙන් එම ස්ථානය නිරික්ෂණය කළා.
පසුව රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පොලිස් භාරයට ගත් ද්‍රව්‍ය පරික්ෂා කිරීමට පියවර ගත්තා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූයේ වැලිහිඳ සල්මල් උයනේ නො,57 ලියෝවිලා හි කුලී පදනමට පදිංචිව සිටි ඉයෝන් කුෂිකෝ නැමති 18 හැවිරිදි මාලදිවයින් ජාතිකයෙක්.
පොලීසිය පැවසුවේ ඔහු පසුගිය මස 29 වන දින මෙම නිවසේ පදිංචියට පැමිණ ඇති බවයි.

