වැලිගම සභාපති ඝාතනයට යොදාගත් යතුරුපැදියක් කතරගම කැලෑවක

වැලිගම සභාපති ඝාතනයට යොදාගත් යතුරුපැදියක් කතරගම කැලෑවක

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය බුත්තල – කතරගම මාර්ගයේ කැළෑබද ප්‍රදේශයක තිබී සොයාගෙන තිබෙනවා.

අපරාධ පරික්ෂණ දෙපර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ යතුරුපැදිය එම මාර්ගයේ 16 කණුව අසළ කැළෑ ප්‍රදේශයක තිබී ඊයේ (31) පස්වරුවේ සොයා ගත්තා.

ඝාතනය සිදුකර ඔවුන් පලාගොස් ඇත්තේ, අදාළ යතුරුපැදියෙන් වන අතර සැකකරුවන් කැකිරාව ප්‍රදේශයට යන අතර තුර යතුරුපැදිය කාර්මික දෝෂයකට ලක්ව ඇති බව සඳහන්.

ඒ අනුව ඔවුන් යතුරුපැදිය කැළෑ ප්‍රදේශයේ දමා පලාගොස් ඇති අතර එම අවස්ථාවේදී සැකකරුවන් වන අලි ප්‍රහාරයකටද ලක්වීමට ගොස් ඉන් බේරී පලාගොස් ඇත්තේ ඉතා අසීරුවෙන් බව සඳහන්.

සොයාගන්නා ලද මෙම යතුරුපැදිය අපරාධ පරික්ෂණ දෙපර්තමේන්තුවේ නිලධාරීන් වැඩිදුර විමර්ශන සඳහා කතරගම පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

Share This