වැලිමඩ ගොවියෝ අර්තාපල් අස්වැන්න විකුණන්න අඩයි

වැලිමඩ ගොවියෝ අර්තාපල් අස්වැන්න විකුණන්න අඩයි

ආනයනික අර්තාපල් තොග රටපුරා ගොඩගැසීම හේතුවෙන් සිය අර්තාපල් අස්වැන්න අළෙවි කරගත නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව වැලිමඩ ප්‍රදේශයේ අර්තාපල් ගොවීන් පවසනවා.

ව්‍යාපාරිකයින් පවසන්නේ ආනයනික අර්තාපල් මිල ඉතා පහළ අගයක පැවැතීම හේතුවෙන් මෙරට අර්තාපල් අළෙවිය පහළ ගොස් ඇති බවයි.

වැලිමඩ, ඌව පරණගම, බොරලන්ද, කැප්පෙටිපොළ ඇතුළු ප්‍රදේශ රැසක අර්තාපල් අස්වනු නෙලීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් ගොවීන් පවසන්නේ සිය අස්වැන්න සාධාරණ මිලකට අළෙවි කරගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවයි.

කවර හෝ මිලකට සිය අස්වනු අලෙවිකර ගැනීම සඳහා දේශීය අර්තාපල් ගොවීන් තම අස්වවනු කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එමින් තිබෙනවා.

Share This