
වැව්වල ජපන් ජබර ඉවත් කරන යන්ත්‍රයක් මහවැව තරුණයෙක් නිපදවයි
වැව් සහ ජලාශ වල ඇති ජපන් ජබර ඇතුළු ජලජ ශාඛ පහසුවෙන් ඉවත් කිරීම සදහා හලාවත – මහවැව තරුණයෙකු විසින් යන්ත්‍රයක් නිෂ්පාදනය කර තිබෙනවා.
එම නිෂ්පාදන කර ඇති යන්ත්‍රය ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් පසුගියදා නිරීක්ෂණය කරනු ලැබුවා.
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාන් ජානක,නාත්තන්ඩිය ප්‍රදේශීය සභා සභාපති සාගර විජේසේකර යන මහත්වරුන් සහ පුත්තලම දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා තරංගිකා ශ්‍යාමලී මහත්මීය ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
තමා විසින් නිෂ්පාදනය කරන ලද මෙම යන්ත්‍රය තවත් වැඩි දියුණු කළ යුතු බවත්,ඒ සදහා තමන්ට සහාය අවශ්‍ය බවත් එහි හිමිකරු වන ශශිල හේෂාන් මෙහිදී කියා දන්වා සිටියා.
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාන් ජානක මහතා පැවසුවේ මෙම යන්ත්‍රය වැඩි දියුණු කිරීම සදහා අවශ්‍ය වන්නේ නම් අඩු පොලී අනුපාතයක් මත ණය මුදලක් ලබා දීමට කටයුතු කළ හැකි බවටයි.
ජපන් ජබර ඇතුළු ජලජ ශාඛ ඉවත් කළ හැකි මෙම යන්ත්‍රය සෑම වැවකටම එක බැගින් නිෂ්පාදනය කර ලබාදීම වඩා වැදගත් බවත්,ඒ සදහා අවශ්‍ය පුහුණුව සහ අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත්වීම කළ හැකි බව පුත්තලම දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා තරංගිකා ශ්‍යාමලී මහත්මිය ද පැවසුවා.