වැස්සෙන් බාධා එල්ල වූ ජැෆ්නා කිංග්ස් – කැන්ඩි වෝරියස් ගැටුම යළි අරඹන්න සූදානම්

වැස්සෙන් බාධා එල්ල වූ ජැෆ්නා කිංග්ස් – කැන්ඩි වෝරියස් ගැටුම යළි අරඹන්න සූදානම්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් සහ කැන්ඩි වෝරියස් අතර තරගයට මේ වන විට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ජැෆ්නා කිංග්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදෙමින් සිටි කැන්ඩි වෝරියස් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 47ක් රැස්කරගෙන සිටියා.

කෙසේ වෙතත් යළි තරගය ආරම්භ කිරීමට වර්ෂාව හේතුවෙන් ක්‍රීඩා පිටිය ආවරණය කර තිබූ වැසි ආවරණ මේ වනවිට ඉවත්කරන බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම තරගයේ කැන්ඩි ඉනිමේ සිව්වන පන්දුවාරයේ දී අපූරු සිදුවීමක් කැමරාවට හසුකර ගන්නට කැමරා ශිල්පියෙකුට හැකියාව ලැබුණා.

ඒ තරගය නැරඹීමට පැමිණ සිටි තරුණියන් කිහිප දෙනෙක් ජැෆ්නා කණ්ඩායමේ වනිඳු වෙනුවෙන් ප්‍රදර්ශනය කළ පුවරුවක්.

“Wanidu will you marry” ලෙස එහි ලියා තිබූ අතර, කවුරුන්ද යන්න වග ඔවුන් විමසා තිබුණේ නැහැ.

 

Share This