වැස්ස නිසා අම්පාර දිස්ත්‍රික්කයේ මාර්ග දෙකක රථවාහන ගමනාගමනයට බාධා

වැස්ස නිසා අම්පාර දිස්ත්‍රික්කයේ මාර්ග දෙකක රථවාහන ගමනාගමනයට බාධා

අම්පාර දිස්ත්‍රික්කයට ඇඳහැලෙන අධික වර්ෂාව හේතුවෙන් අම්පාර-මහනුවර ප්‍රධාන මාර්ගය මහඔය – මංගලගම අතර 27 කණුව ආසන්නයෙන් අඩි 2ක් පමණ උසට ජලයෙන් යටවී රථ වාහන ගමනාගමනයට බාධා සිදුව තිබෙනවා

එමෙන්ම මහඔය පිටාර ගැලීම හේතුවෙන් මහඔය – පොල්බැද්ද ගම්මාන අතර ගමන්ගන්නා අතුරු මාර්ගය නිල්ඔබ පාලම අසලින් අඩි 02 ක් පමණ උසට ජලය පිරී රථවාහන ගමනාගමනයට බාධා ඇතිවී ඇති බව සඳහන්

මේ හේතුවෙන් ජනතාවගේ ආරක්ෂාව සඳහා මංගලගම පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ මහඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානයන්හි පැය 24 ආවරණය වන පරිදි රාජකාරි යෙදවිමටයි පියවර ගෙන ඇත්තේ

Share This