වැස්ස නිසා කල්ගිය ජාතික කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය

වැස්ස නිසා කල්ගිය ජාතික කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය

මේ වන විට රට තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත ජාතික කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය තීරණය කර තිබෙනවා.

මෙවර තරගාවලිය ලබන සිකුරාදා 07 වනදා සිට 09 වනදා දක්වා හෝමාගම – දියගම පිහිටි මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ බව සඳහන්.

ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3500 කට ආසන්න පිරිසක් සහභාගීවීමට නියමිතයි.

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අවුරුදු 23 න් පහළ පිරිමි සහ කාන්තා මෙන්ම අවුරුදු 20 න් පහළ, 18 න් පහළ සහ 16 න් පහළ බාලක සහ බාලිකා යන වයස් සීමාවන් යටතේ පැවැත්වෙනවා.

මෙවර තරගාවලිය ක්‍රියාත්මක කෙරෙන දින ඉදිරියේ දී දැනුම් දෙන බවයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This