
වැසි වැඩිවෙයි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදන
නිරිත දිග මෝසම තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එහි බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, ගාල්ල, මාතර, නුවරඑළිය, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය හෙට (20) උදෑසන 5.30 දක්වා බලපැවැත්වෙන අතර අදාළ ප්‍රදේශවල මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 55 – 65 දක්වා වැඩි විය හැකියි.
මේ පිළිබඳ සිය අවදානය යොමු කරන ලෙස ධීවරයින් සහ නාවික ප්‍රජාවගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.