
වෑන් රථයක් දුම්රියේ ගැටී අනතුරක්
ගාල්ල, වැකුණුගොඩ දුම්රිය හරස් මාර්ගයේදී බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ කුඩා වෑන් රථයක් ගැටී අද (09) දහවල් සිදුවූූ අනතුරකින් වෑන් රථයේ ගමන් කළ දෙදෙනෙකු තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ මෙලෙස තුවාල ලබා ඇත්තේ ගාල්ල කොටුවේ පදිංචි 54 හැවිරිදි පියකු සහ 24 හැවිරිදි පුතෙකු බවයි.
මින් පෙර මෙම ස්ථානයේ මේ ආකාරයට මාරක අනතුරු රැසක් සිදුව ඇතැයි ප්‍රදේශවාසීන් පවසනවා.
අනතුරු ඇඟවීමේ සංඥා සහිත ආලෝක පහන් සවිකර තිබුණ ද මෙම ස්ථානයේ ආරක්ෂිත ගේට්ටුවක් සවිකර නැහැ.
පාසල් කිහිපයකට මෙන්ම රාජකාරී සඳහා විශාල පිරිසක් මෙම දුම්‍රිය හරස් මාර්ගය ඔස්සේ දිනකට ගමන් කරන බවත් එම නිසා මෙම ස්ථානයට ස්ථිර දුම්රිය ගේට්ටුවක් ලබා දෙන ලෙසත් ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.