වෑන් රථයක් සහ කුඩා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී පස්දෙනෙකුට තුවාල

වෑන් රථයක් සහ කුඩා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී පස්දෙනෙකුට තුවාල

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරින් කණ්ඩායමක් සැක කරුවන් පිරිසක් රැගෙන යමින් තිබූ වෑන් රථයක් සහ කුඩා ලොරි රථයක් දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙසේ තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ ගමන් කරමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු සහ එක සැකකරුවෙකු බවත් ලොරි රථයේ රියදුරදුද ඒ අතර වන බව පොලිසිය සඳහන් කරනවා.

කොළඹ සිට කල්මුණේ අධිකරණය වෙත සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් වෑන් රථයකින් රැගෙන යමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථය මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දරමින් ලොරි රථයේ සිරවී සිටි රියදුරු එලියට රැගෙන පිරිස දඹුල්ල රෝහල වෙත තිබීම සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

Share This