විකෘතිතා 46ක් ඇති තවත් කොවිඩ් ප්‍රභේදයක් හමුවේ
IHU ලෙසින් නම් කර ඇති විකෘතිතා 46ක් සහිත නව කොවිඩ් ප්‍රභේදයක් ප්‍රංශයේ විශේෂඥයින් විසින් සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
මේ වන විට මෙම නව ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් 12 දෙනෙකු සොයාගෙන තිබෙන බව සඳහන්
එමෙන්ම වේගයෙන් පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදයද ප්‍රංශය පුරා පැතිර යමින් පවතිනවා
ගිනිකොනදිග ප්‍රංශයේ වෙසෙන පුද්ගලයින් 12 දෙනෙකුට මෙම නව වෛරස් ප්‍රභේදය ආසාදනය වී තිබෙනවා
IHU ලෙසින් නම් කර ඇති B.1.640.2 ප්‍රභේදය සොයා ගන්නා ලද්දේ කැමරූන් සිට පැමිණි සංචාරකයෙකුගෙන් බවයි පැවසෙන්නේ
ඩසල්ඩෝෆ් විශ්ව විද්‍යාල රෝහලේ වෛරස් විද්‍යා ආයතනයේ ප්‍රධානී ජෝර්ග් ටිම් විශ්වාස කරන්නේ නව ප්‍රභේදය අතිශයින් භයානක නොවන බවයි.