විජිත් විජයමුණිට ඇප

විජිත් විජයමුණිට ඇප

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියම වී තිබෙනවා.

නීතිවිරෝධීව එකලස් කළ ලොරි රථයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගත් හිටපු ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (20) පෙරවරුවේ ඉදිරිපත් කෙරුණා.

අනතුරුව රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත ඔහු නිදහස් කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා නඩුව ලබන මස 06 වැනි දින නැවත කැඳවීමටද නියෝග කර තිබෙනවා.

Share This