විතාරන්දෙණියේ දී කොස්තාපල්වරයෙක් ඝාතනය කළ සිද්ධියේ තොරතුරු රැසක් හෙළිවෙයි (වීඩියෝ)
තංගල්ල, විතාරන්දෙණිය ප්‍රදේශයේ දී පොලිස් කොස්තාපල්වරයෙකුට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ඒකකය විස්තරාත්මක වාර්තාවක් නිකුත්කර තිබෙනවා.
ඊයේ (17) රාත්‍රියේ සිදුකළ මෙම පහරදීමෙන් බරපතල තුවාල ලබා තංගල්ල මූලික රෝහල වෙත ඇතුළත් කරන අවස්ථාවේ ජීවිතක්ෂයට පත් වුණේ අධිවේගී මාර්ග රථ වාහන අංශයේ කසාගල පොලිස් මුරපොලට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක්.
පොලිස් කොස්තාපල්වරයාගේ සොහොයුරාද එම අවස්ථාවේ දී පහර කෑමට ලක්ව තුවාල ලබා ඇති අතර ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත යොමුකර ඇති බවයි වාර්තා වුණේ.
පොලිස් මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ විස්තරාත්මක වාර්තාව පහතින්..