විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය ලබන මාසයේ සිට?

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය ලබන මාසයේ සිට?

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් (e-NIC) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළව අමතර කාඩ්පත් ලක්ෂ 3ක් ගෙන්වා ගැනීමට නියමිතව තිබෙනවා.

‘පොලිකාබනේට්’ නමිත් හඳුන්වන එම කාඩ්පත් ලක්ෂ 7ක පමණ ප්‍රමාණයක මීට පෙර ගෙන්වා ගැනීමට මෙරට බලධාරීන් පියවර ගෙන තිබුණා.

ජෛවමිතික දත්ත ඇතුලත් කරමින් නිර්මාණය කරන මෙම විද්‍යුත් ජාතික හැඳුනුම්පත් මගින් අනන්‍යතා සත්‍යාපනයේ ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ඒවායෙහි ඇඟිලි සලකුණු, මුහුණු හඳුනාගැනීම ඇතුළු ජෛවමිතික දත්ත ඇතුලත් බව සඳහන්.

මෙරට බැංකු පද්ධතිය හරහා මේ වන විට නිශ්චිත සේවාදායක තොරතුරු සත්‍යාපනය කරමින් සිටින අතර ජුනි මාසය වන විට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් මගින් අනන්‍ය හඳුනාගැනීමේ අංක ලබා දීම, විවිධ හඳුනාගැනීමේ වර්ග ඒකාබද්ධ කිරීම සහ උප්පැන්න සහතික සහ බදු හඳුනාගැනීමේ තොරතුරු වැනි දත්ත ග්‍රහණය කර ගැනීම සිදු කෙරෙනවා.

Share This