විදුලිබල ක්ෂේත්‍රයට ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 100ක්

විදුලිබල ක්ෂේත්‍රයට ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 100ක්

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රතිපත්තිමය ණය ආධාරයක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා දී තිබෙනවා

විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ ඒ සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවට සිය ස්තූතිය පුදකරන බවයි.

එමෙන්ම මෙම ආධාර වැඩසටහන මගින් පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය වේගවත් කිරීමට මෙන්ම තිරසාර හරිත බලශක්ති උත්පාදනය වෙනුවෙන් සංක්‍රමණය වීමට ද උපකාර වනු ඇති.

මීට අමතරව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් වන ආයෝජන වේගවත් කිරීමට මෙන්ම ඒ හරහා 2023- 2030 පුනර්ජනනීය බලශක්ති උත්පාදන ඉලක්කය සපුරා ගැනීමට ද මෙම ආධාර මනා පිටුවහලක් වනු ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ

Share This