විදුලි ගාස්තු සංශෝධනයට අදාළ මහජන උපයෝගීතා කොමිසමේ තීරණය අඟහරුවාදා  (VIDEO)

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ මහජන උපයෝගීතා කොමිසමේ තීරණය අඟහරුවාදා (VIDEO)

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන උපයෝගීතා කොමිසමේ අවසන් තීරණය ලබන අඟහරුවාදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

එම කොමිසම පවසන්නේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉල්ලා ඇති ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විටත් කරුණු අධ්‍යයනය කරමින් සිටින බවයි.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූවගතකරණ වැඩපිළිවෙල නිවැරදි ආකාරයෙන් සිදුකිරීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් විදුලි ගාස්තුව ඉහළ නැංවීම අනිවාර්ය කාරණයක් බවට පත්වෙමින් පවතින බව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසනවා.

ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ පවතින ගැටලු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් ඊයේ මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් හමුවුණා.

Share This