විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කිරීමට ජනපතිගෙන් සැලසුම්

විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කිරීමට ජනපතිගෙන් සැලසුම්

විදුලි බිල සියයට 30කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා

අද (09) දඹුල්ලේදී පැවැති ජාතික ජන බලවේගයේ ජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා

එමෙන්ම වසරක් පමණ ගත වන විට විදුලිබල ක්ෂේත්‍රයේ විශාල පරිවර්තයක් සිදු කරන බවයි ඔහු එහිදී පැවසුවේ

මීට අමතරව ඉන්ධන මිල ගණන්ද ඉදිරියේදී අඩු කිරීමට සැලසුම් සකස් කරන බවද ඔහු එහිදී සඳහන් කළා

Share This