
විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට
විදුලි සංදේශ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
ඒ අනුව විදුලි සංදේශ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන අතර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙන්වා දී ඇති පරිදි සංශෝධනය කළ යුතු බවටයි අදාළ තීන්දුවේ සඳහන් වන්නේ.
එමෙන්ම ඇතැම් වගන්ති බහුතරයකින් සම්මත කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බව කථානායකවරයා දැනුම්දී තිබෙනවා.