විදුලි හා ඉන්ධන අර්බුදයට විසඳුම් සෙවීමට කළ යුතු දේ ගම්මන්පිල කියයි (වීඩියෝ)
විදුලිය හා ඉන්ධන අර්බුදයට විසඳුම් සෙවීමට නම් භාණ්ඩ ආනයනයේ දී ප්‍රමුඛතා හඳුනා ගන්මින් විදේශ විනියම වැය කිරීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.
මේ අතර විදුලි අර්බුදය හේතුවෙන් හෙට (01) දිනයේදී ද පැය 03ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා.
එම කොමිෂන් සභාව සඳහන් කළේ මෙම විදුලි කප්පාදුව පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ සිදුකරන බවයි.
එමෙන්ම රාත්‍රී කාලයේ සැපයුමට වඩා ඉල්ලුම ඉහළ ගියහොත් මිනිත්තු 30ක සැලසුම් නොකළ විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.