විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණවල කැපීපෙනෙන වර්ධනයක්

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණවල කැපීපෙනෙන වර්ධනයක්

2025 ජනවාරි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 573ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එය පෙර වසරට සාපේක්ෂව 17.5%ක කැපීපෙනෙන වර්ධනයක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ .

2024 ජනවාරි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය දැක්වුණේ අමෙරිකානු ඩොලර් මිලියන 487.6ක් ලෙසයි

2024 සමස්ත වර්ෂය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් බිලියන 6.57ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබී තිබුණා.

Share This