
විදෙස් ඇමති ලබන මාසයේ ජපානයට
විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
ජපාන විදේශ අමාත්‍ය Yoko Kamikawa විසින් කරන ලද ආරාධනයකට අනුව, අලි සබ්රි මහතා ජූලි 01 වනාඩා සිට ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
මෙම සංචාරයේදී විදේශ අමාත්‍යවරයා ජපාන විදේශ අමාත්‍යවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමට නියමිතයි.