විදෙස් කුමන්ත්රණයකින් තමන් ධුරයෙන් නෙරපීමේ උත්සාහයක් ගැන ඉම්රාන් ඛාන් කියයි
අග්රාමාත්ය ධුරයෙන් තමා නෙරපීමට විපක්ෂය ගන්නා උත්සාහය හමුවේ ඊයේ පාකිස්තාන අග්රාමත්ය ඉම්රාන් ඛාන් ජාතිය ඇමතීමට පියවර ගෙන තිබෙනවා.
එහිදී තමා ධුරයෙන් ඉවත් කිරීමට විදෙස් කුමන්ත්රණයක් මුල් වී ඇති බවයි ඉම්රාන් ඛාන් අවධාරණය කර ඇත්තේ.
ඒ, සඳහා ඉන්දියාවටත් අමෙරිකාව ඇතුළු බටහිරයටත් තමා චෝදනා කරන බව ඉම්රාන් ඛාන් පවසා තිබෙනවා.
කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව එම චෝදනාව ප්රතික්ෂේප කළා.