
විදෙස් සහාය කණ්ඩායම් පීඩාවට පත් ජනතාව මුදාගැනීමේ මෙහෙයුම් රට වටා දියත් කරයි
දිට්වා සුළි කුණාටුවේ බලපෑම මෙරටට බලපෑ මොහොතේ සිටම ගංවතුරට හා නායයාම්වලට කොටුවූ ජනතාව මුදා ගැනීමට ත්‍රිවිධ හමුදාව දැඩි වෙහෙසක් ගෙන ක්‍රියා කරමින් තිබෙනවා.
ඊට අමතරව අදාළ මුදා ගැනීමේ මෙහෙයුම් සදහා අසල්වැසි ඉන්දියාවෙන් ද ලැබුණේ නොමද දායකත්වයක්.
දිට්වා සුළි කුණාටුවේ බලපෑම මෙරටට එලල්ල වූ පළමු අවස්ථාවේ සිටම විවිධ විපත්වලට මුහුණ දුන් දිස්ත්‍රික් විසි පහේම ජනතාව මුදා ගැනීමට යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව ප්‍රදේශ රැසක විශාල කාර්ය භාරයක් ඉටුකර මින් සිටිනවා.
එවන් පසුබිමක ආපදා තත්ත්වය හමුවේ මුළු දිවයිනට ආවරණය වන පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකල මානුෂීය ආධාර හා ආපදා සහන මෙහෙයුම් මගින් පුද්ගලයින් 10,099 දෙනෙකුට සහන සැලසීමට හැකිව තිබෙනවා.
ත්‍රීකුණාමලය, මාවිල්ආරු බැම්මේ කොටසක් කැඩීයාමෙන් ආපදාවට ලක්වූ පුද්ගලයින් 309 දෙනෙකු ද නාවික හමුදාව විසින් මුදාගනු ලැබුවා.
මේ අතර, පැවති අධික වර්ෂාව හමුවේ වව්නියාව, සෙට්ටිකුලම් ප්‍රදේශයේ ගංවතුරින් ආපදාවට පත් මෝටර් රථයක් සහ එහි සිටි පුද්ගලයෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙලෙස මුදා ගැනීමට ක්‍රියා කළා.
දිවයිනට බලපා ඇති හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද ගුවන් මෙහෙයුම්වලට අමතරව ගොඩබිමින් ක්රීයාත්මක මුදා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් දිවයිනම ආවරණය වන පරිදි සිදුකරමින් සිටිනවා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සදහන් කලේ ජල ගැලිම් සහ නායයාමට ලක්වූ ප්‍රදේශවල සිටින පිරිස් ඉන් මුදවා ගෙන ආරක්ෂිත ස්ථාන කර යොමුකරමින් සිටින එම මෙහෙයුම්වලට දිවයින පුරා ගුවන් හමුදා කදවුරුවල සේවා පුද්ගලයින් එක්ව සිටින බවයි.
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පිරිස් මුදා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව ද ලබා දෙන්නේ නොමද දායකත්වයක්.
එවන් පසුබිමක මහවැලි ගග පිටාරා ගැලීම හේතුවෙන් එම ප්‍රදේශවල සිරව සිටි සිවිල් වැසියන් යුද හමුදා සාමාජිකයින් විසින් ඉන් ඉවත් කිරීමට මෙලෙස ක්‍රියා කළා.
දිට්වා සුළි කුණාටුවේ බලපෑම මෙරටට එල්ල වීමෙන් පසු පීඩාවට පත් පිරිස් මුදා ගැනීම සදහා ඉන්දීය රජය ද සුවිශේෂී දායකත්වයක් සපයනු ලැබුවා.
එලෙස ඉන්දීය ගුවන් හමුදාවට අයත් එම්.අයි.17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කොත්මලේ ප්‍රදේශයේ ආපදා තත්ත්වය හේතුවෙන් සිරව සිටි විදේශිකයින් පිරිසක් බේරාගෙන ආරක්ෂිතව කටුනායක ගුවන් හමුදා කදවුර වෙත ගෙන ඒමට ද ඔවුන් මෙලෙස කටයුතු කළා.
ඊට අමතරව ඉන්දීය ගුවන් හමුදාවට අයත් සී.130 ජේ. ගුවන් යානයක් සාමාජිකයින් 5 දෙනෙකුගෙන් යුතු වෛද්‍ය කණ්ඩායමක් ද ඊයේ පස්වරුවේ මෙරටට පැමිණ තිබෙනවා.
මෙම කණ්ඩයාම සමග ජංගම රෝහල් දෙකක්ද විපතට පත් පිරිස් වෙනුවෙන් කටයුතු කිරීමට මෙරරට රුගෙන විත් ඇති අතර එම ජංගම රෝහල් සහන සේවා කටයුතුවලින් පසුව මෙරටට පරිත්‍යාග කිරීමට නියමිතයි.




