විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙළක්

විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙළක්

විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.

ආරුගම්බේ ප්‍රදේශය ආශ්‍රිතව අනාරක්ෂිත තත්ත්වයක් උද්ගතව ඇති බව අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කර තිබූ නිවේදනයකින් අනතුරුවයි පොලීසිය මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව අනැවත දැනුම්දෙන තුරු එම ප්‍රදේශයේ සංචාරය නොකරන ලෙසත් අමෙරිකානු තානාපති කාර්යාලය එරට වැසියන්ට දැනුම්දී තිබෙනවා.

මේ පසුබිම මත මෙරට ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳව පොලීසිය නිවේදනයක් නිකුත් කළා.

ආරක්ෂක අමාත්‍යාංශයත්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේත් උපදෙස් සහ සම්බන්ධීකරණය මත අදාළ විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙළ සකස් කරන බවයි පොලීසිය පවසන්නේ.

Share This