විදේශ කතගේ ලක්ෂ 85 ක් වටිනා මුදල් පසුම්බියේ සොරා දැලේ

විදේශ කතගේ ලක්ෂ 85 ක් වටිනා මුදල් පසුම්බියේ සොරා දැලේ

විදේශීය තරුණියගේ අස්ථානගත වුණු මුදල් පසුම්බියක් පිළිබඳව තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ වෙත කරන ලද පැමිණිල්ලක් මත 13දා සැකකරු සමග මුදල් පසුම්බිය සොයා ගැනීමට තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ නොවිසදුණු අපරාධ ඒකක නිලධාරීන් සමත් වී තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ රාජාංගනය , යාය 3, බබරේ සෝලේවැව ප්‍රදේශයේ පදිංචි ධීවර කර්මාන්තයේ නිරත පුද්ගලයෙක්.

පැමිණිල්ල කල 22 හැවිරිදි මියන්මාර් ජාතික විදේශීය තරුණිය තම පෙම්වතා සමග රාජාංගනය ජලාශය නැරඹීමට පැමිණ තිබේන බව පැමිණිල්ලේ දක්වා තිබෙනවා.

මෙම විදේශීය කාන්තාව මියන්මාර් සිට පැමිණ තිබෙන්නේ ලංකාවේ මුස්ලිම් ජාතික තම පෙම්වතා හමුවීම සඳහා බවද පැමිණිල්ලේ දක්වා තිබුණා.

රාජාංගනය ජලාශය නැරඹීමට පැමිණි අවස්ථාවේ දී එම ස්ථානය ඡායාරූපයක සටහන් කර ගැනීම සඳහා මුදල් පසුම්බිය ගලක් මත තබා ඇති බවටත් අනතුරුව එම ස්ථානයෙන් නික්ම ගොස් නැවත එම ස්ථානයට එන විට තම මුදල් පසුම්බිය අතුරුදහන් ඇති බවත් පොලීසියට පැමිණිළි කර තිබුණා.

මෙම පැමිණිල්ල මත කරන ලද සෝදිසි මෙහෙයුමකදී පොලිස් විශේෂ කාර්යාංශය නිලධාරීන්ගේ සහය ඇතිව කෙටි කාලයක් තුල සැකකරු අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම නොවිසඳනු අපරාධ ඒකකයේ නිලධාරීන් පැවසුවා.

ලැබුණු තොරතුරු අනුව සැකකරු සෝලේවැව පෙදෙසේ පුද්ගලයෙකු බැවින් ඔහු අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කරන අවස්ථාවේ මුදල් පසුම්බිය රාජාංගනය වැව අසල වනරොදක සඟවා තිබියදී සොයාගත් බවට පොලිසියේ වැඩිදුරටත් සදහන්.

අත්අඩංගුවට ගත් මුදල් පසුම්බියේ විදේශීය මුදල් නෝට්ටු 41ක් ද විදේශීය හැඳුනුම්පත,බැංකු කාඩ්, සහ ලංකාවේ මුදලින් රුපියල් විසිදාහක මුදලක් තිබී ඇති බවට පොලිසිය පැවසුවා.

රුපියල් දස දහසක මුදල් අස්ථාන ගතවි ඇති බවට අදාල ත්ෘණිය පොලීසියට දන්වා තිබුණා.

අස්ථාන ගතවු මුදල් පසුම්බියේ ඇමරිකානු ඩොලර් 50 ක්, ඩිරාම් 2600 ක් ද ලංකා මුදලින් රුපියල් තිස්පන්දාක මුදල් තිබූ බවයි වොඩ්, විදේශීය කාන්තාව පොලීසියට දන්වා ඇත්තේ.

 

Share This