විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේ යෝජනා හෙට සහ අනිද්දා විවාදයට

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේ යෝජනා හෙට සහ අනිද්දා විවාදයට

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනා සම්මතය පිළිබඳ විවාදය හෙට (02) සහ අනිද්දා (03) යන දෙදින පැවැත්වෙනවා

ඒ අනුව හෙට පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ප.ව 5.00 දක්වා විවාදය පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හෙට පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිතව තිබෙනවා

මේ අතර අනිද්දා (03) පෙ.ව 9.30 සිට ප.ව 5.00 දක්වා මෙම විවාදයේ දෙවැනි දිනය පැවැත්වීමට නියමිත අතර අනතුරුව ප.ව 5.00ට මෙම යෝජනා සම්මතයට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි

එමෙන්ම මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ශ්‍රී ලංකා රජය හා ණය හිමියන්ගේ කමිටුව (OCC) අතර පසුගිය 26දා එළඹෙන ලද අවසන් ගිවිසුම සහ චීන අපනයන හා ආනයන බැංකුව (EXIM Bank) අතර එළඹෙන ලද අවසන් ණය ගිවිසුම් සංශෝධන කිරීමේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය අවසරය මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වෙත ලබාදීමට මෙම යෝජනා සම්මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා

Share This