
විදේශ රැකියා පොළක් ත්‍රිකුණාමලයේ
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරන විදේශ රැකියා පොළ සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් ත්‍රීකුණාමලය, පෙරුන්තේරු , විග්නේෂ්වරා විද්‍යාලයේදී ඊයේ (20) පැවැත්වුණා.
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විදේශ රැකියා පොළ සහ දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ලියාපදිංචි විදෙස් රැකියා නියෝජිත ආයතන 20ක් පමණ සහභාගී වී සිටියා.
මෙහිදී විගමනික ශ්‍රමික ප්‍රජාවගේ දූ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්රදානය කිරීමද විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා.
