විදේශ සේවාවේ ඩිජිටල් ප්‍රතිසංස්කරණ අරඹයි

විදේශ සේවාවේ ඩිජිටල් ප්‍රතිසංස්කරණ අරඹයි

විදේශ සේවා සැපයීම කාර්‍යක්ෂම කිරීම සඳහා වූ සුවිශේෂී පියවරක් ලෙස, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල හරහා ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම සඳහා කටයුතු පසුගිය දා ආරම්භ කළා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මෙම හමුව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මෙම මුලපිරීම දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පුරවැසි කේන්ද්‍රීය ඩිජිටල් අනාගතයක් සඳහා රජයේ ගමන්මඟ තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇති.

මෙම සාකච්ජාවේදී මූලික වශයෙන් විදේශ දූත මණ්ඩල සේවාවන් පූර්ණ වශයෙන් ඩිජිටල්කරණය කිරීම සහ එය විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ට රජයේ සේවාවන් වෙත ප්‍රවේශ වන ආකාරය පහසු කිරීම පිළිබඳව අවදානය යොමු කෙරුණා.

මෙහිදී ඒකාබද්ධ ඩිජිටල් කොන්සියුලර් වේදිකා සැලසුම්ගත කිරීම, ගෝලීය වශයෙන් ප්‍රවේශ විය හැකි බහුභාෂා පරිශීලක-හිතකාමී වෙබ් අතුරු මුහුණතක් සංවර්ධනය කිරීම පිළිබඳව අවධානයට ගැනිණි.

මෙම සහයෝගීත්වය විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින්ට ඩිජිටල් ලෝකයේ වේගය කාර්යක්ෂමතාව සහ ප්‍රවේශ්‍යතාවයට ගැලපෙන සේවාවන් ලැබෙන බව සහතික කිරීමේ තීරණාත්මක පියවරක් වේ.

එහිදී විදේශ ගමන් බලපත්‍ර අලුත් කිරීමේ සිට වන්දි යාන්ත්‍රණයන් වෙත ප්‍රවේශ වීම දක්වා සෑම ක්‍රියාවලියක්ම බාධාවකින් තොරවල ආරක්ෂිත සහ කාර්‍යක්ෂම විය යුතුය යන්න රජයේ අපේක්ෂාවයි.

මෙම පරිවර්තනයේ මූලික අංගයක් වන්නේ මුදල් රහිත ඩිජිටල් ගෙවීම් පද්ධතියක් හඳුන්වාදීම සහ සම්පූර්ණයෙන්ම කඩදාසි රහිත ලිපිගොණු ක්‍රියාවලියකට පරිවර්තනය වීමයි.

 

 

Share This