
විදේශ සේවා නියුක්ති කාර්යාංශය පනත උල්ලංඝනය කරමින් නිකුත් කළ සභාපති චක්‍රලේඛ ගැන විධිමත් පරීක්ෂණ
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පසුගිය වසර කීපය තුල නිකුත් කරන ලද සභාපති චක්‍රලේඛ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස උපදෙස් දී තිබෙනවා.
විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසන්නේ පසුගිය පාලනය සමයේදී නිකුත් කරන ලද විශාල මූල්‍ය වංචා සදහා ඉඩ විවර වී තිබූ සභාපති චක්‍රලේඛයන් මේ වන විට අහෝසි කිරීමට කටයුතු කර ඇති බවයි.
එම පනතට එරෙහිව නිකුත් කරන ලද සභාපති චක්‍රලේඛ වලට අදාළව විශේෂ විමර්ශනයක් පැවැත්වීමට ද විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.
මෙම පරීක්ෂණයේ නිගමන සහ නිර්දේශ සහිත වාර්තාව දින 14ක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසද නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.