විධායක ජනාධිපතිවරුන් 06 ක් මාරු වෙද්දිත් ධූරයේ හිටිය දියවඩන නිලමේ ගැන මහනුවර , කතරගම දේවාලයේ බස්නායක නිළමේ කිව්ව තතාව

විධායක ජනාධිපතිවරුන් 06 ක් මාරු වෙද්දිත් ධූරයේ හිටිය දියවඩන නිලමේ ගැන මහනුවර , කතරගම දේවාලයේ බස්නායක නිළමේ කිව්ව තතාව

පසුගිය දශක දෙකේදී රටේ විධායක ජනාධිපතිවරු හය දෙනෙක් මාරු වුණ ද දියවඩන නිලමේධුරයේ කටයුතු කරන්නේ එකම පුද්ගලයා බව දියවඩන නීලමේ ධුරාපේක්ෂක, මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා පවසනවා.

නිලංග දෑල 2005 දියවඩන නිලමේ ධුරයට එනවිට විධායක ජනපති ධුරය හෙබවූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වුවද ,ඊට පසුව මහින්ද රාජපක්ෂ,මෛත්‍රීපාල සිරිසේන,ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන විධායක ජනපතිවරු රට පාලනය කළ බව උඩුරාවණ මහතා පෙන්වා දෙනවා.

මේ වනවිට රටේ ජනාධිපති ධූරය හොබ වන්නේ අනුර කුමාර දිසානායක මහතා බව පෙන්වා දෙන උඩුරාවණ මහතා මේ මුළු කාලයම එකම දියවඩන නිළමේවරයකු කටයුතු කරන බව පැවසුවා.

තවදුරටත් අදහස් දැක් වූ මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා මෙසේ ද පැවසුවා.

” දියවඩන නිලමේ තරඟය කියන්නේ ජනාධිපතිවරණයටත් වඩා අමාරු දෙයක් . ඒකට හේතු ගොඩක් තිබෙනවා. මේ රටේ පළාත් 09 ක දිස්ක්කත්‍රික්ක 16 ක් ආවරණය වෙමින් තමයි මීට අදාල ඡන්ද හිමිකරුවෝ , ඡන්දදායකයෝ ඉන්නේ. මහා සංඝරත්නය, බස්නායක නිලමේවරු , දිස්ත්රික් ලේකම්වරු, දේවාල විහාර භාරකරුවො ඇතුළු 250 ත් 280 ත් අතර සංඛ්යාවක් මේ ඡන්ද දායකයෝ ඉන්නවා . මේ අයගේ ඉල්ලීම මතයි මම දියවඩන නිලමේ වර්ණයට ආවේ.

මහනුවර රෝයල් මෝල් හෝටලයේදී අද (14) පැවති මාධ්‍ය හමුවකදී උඩුරාවණ මහතා මේ බව ප්‍රකාශ කළා.

” දියවඩන නිලමේ ධුරයේ එක් අයෙකුට කටයුතු කළ හැකි කාලය සීමා කළ යුතුයි. මගේ අදහස වාර දෙකකට වඩා එක් අයෙක් මේ ධුරය නොදැරිය යුතුයි” යැයි ඔහු තවදුරටත් සදහන් කළා.

වැඩ බලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල , මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිළමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ , මහනුවර නාථ දේවාලයේ බස්නායක නිළමේ ඒ.ඩබ්ලිව්.එස් බණ්ඩාරනායක යන මහත්වරුද සම්ප්‍රදායානුකූලව මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින් වහන්සේ දෙනමට දැහැත් පිළිගන්වා දියවඩන නිළමේ ධුරය ලබාගැනීම සඳහා තරඟ වදින බව දැනුම් දී තිබෙනවා.

මෙයට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය තිලක් සුබසිංහ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකු වන ගාමිණි කලුහෙන්දිවල සහ රොෂාන් පස්සරමුදලි යන මහත්වරුද ගිහි බෞද්ධයින්ගේ නායකයා වීමේ අපේක්ෂාවෙන් දියවඩන නිළමේ තෝරාපත් කර ගැනීමේ නිලවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබෙනවා.

Share This