විධිමත් නගර සංවර්ධනයකින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ හැකියාව පෙන්වා දුන් ජනපති

විධිමත් නගර සංවර්ධනයකින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ හැකියාව පෙන්වා දුන් ජනපති

විධිමත් නගර සංවර්ධනයක් තුළින් මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ඇති හැකියාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහහා නිලධාරීන්ට පෙන්වා දී තිබෙනවා.

ඒ, අද (12) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් හමුවූ අවස්ථාවේදී යි.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ එම කටයුතු වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමුඛතා හඳුනා ගනිමින් ඵලදායීව යෙදවීම පිළිබඳ සොයා බැලීමේ අරමුණින් මෙම සාකච්ඡාව කැඳවා තිබුණා.

නගර සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී ආර්ථික, සමාජීය, පාරිසරික සහ භෞතික වශයෙන් ඒකාබද්ධ සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.

නාගරික සැලසුම් අනුමත කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට මේ වන විට සැලසුම් කර ඇති අතර ඒ වෙනුවෙන් අදාළ ආයතන ඒකාබද්ධ කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී අවධානය යොමුව ඇති අතර දිවයින පුරා නගර 119ක් සඳහා මේ වන විට නගර සංවර්ධන සැලසුම් සකස් කර ඇති බව සඳහන්.

අදාළ සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

නගර සැලසුම්කරණය, ප්‍රාග්ධන ආයෝජන, රජය විසින් අනුමත සංවර්ධන ව්‍යාපෘති සහ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම, නාගරික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් සම්පාදනය කර ක්‍රියාත්මක කිරීම, නව සංවර්ධන ව්‍යාපෘති සඳහා ගිවිසුම්වලට එළැඹීම, සම්පුර්ණ කිරීමට අසමත්ව කිසියම් පුද්ගලයෙකු විසින් පැහැර හැර ඇති ඕනෑම සංවර්ධන කටයුත්තක් භාරගැනීම හා සම්පූර්ණ කිරීම, ප්‍රාග්ධන වැඩිදියුණු කිරීමේ වැඩසටහන් සම්පාදනය, පාරිසරික ප්‍රමිති සකස් කිරීම සහ පරිසර වැඩිදියුණු කිරීමේ ක්‍රියාකාරකම් පිළියෙළ කිරීම, ගොඩනැගිලි ඉංජිනේරු සහ අනෙකුත් මෙහෙයුම් සිදු කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය ආදී නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇති කාර්යභාරය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳවද මෙහිදී සමාලෝචනයට ලක්ව තිබෙනවා.

Share This