විනිසුරුවරයෙකුට එරෙහිව ට්විටර් පණිවිඩයක් තැබූ ඉන්දීය නළුවා අත්අඩංගුවට
මුස්ලිම් ගැහැණු ළමයින් පාසල්වල හිජාබ් ඇඳීම තහනම් කිරීමට එරෙහිව පෙත්සම් විභාග කරන එක් විනිසුරුවරයෙකුට එරෙහිව ට්විටර් පණිවිඩයක් තැබීම සම්බන්ධයෙන් චේතන් කුමාර් නැමැති ඉන්දීය නළුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විනිසුරු ක්‍රිෂ්ණා ඩික්සිත් විවේචනය කිරීමෙන් පසු චේතන් කුමාර් නැමැති ඉන්දීය නළුවෙකු දකුණු කර්නාටක ප්‍රාන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුමාර් මහතා අත්අඩංගුවට ගැනීම එරට ජනතාවගේ කෝපයට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.